Thursday, July 23, 2015

WHY HAPPENING THIS ON THE LIGHTS - ආලෝකයේදි ඇයි මෙහෙම වෙන්නෙ

අපි ආලෝකයේ තරංග ගුණය ගන කතාකරනෙ.... පොඩ්ඩක් මෙහෙම හිතන්නකො අපිට ඕන කියල ගහක තියෙන ගෙඩියක් කඩාගන්න ඒකට අපි පස් අහුරකින් ගහල වැඩක්  නැනෙ එහෙනම් අපි ගල් කැටයකින් ගැහුවොත් මොකද වෙන්නෙ...ආ එහෙම උනොත්නම් අපිට වැඩේ කරගන්න පුලුවන් නේද...

දන්නවද ඔපදමපු සින්ක් තහඩුවකට ආලෝකය වැටුනම ටික වෙලවකින් ඒක දණ ආරෝපණයක් ඇතිවෙනවකොහොමද එහෙම වෙන්නෙ. එහෙම වෙන්නනම් ඒකෙන් ඉලෙක්ට්‍රෝන ගැලවෙන්න ඕනනෙ. ආලෝකය තරංග විදිහට ඒකාකාරව ආවොත් අර ගැලවෙන ඉලෙක්ට්‍රෝනයට ශක්තිය ලබෙන්නෙ හරියට ගහක ගෙඩියකට පස් අහුරකින් ගහනව වගේ. ඒකියන්නෙ ඉලෙක්ට්‍රෝනය ගැලවෙන්නෙ නහැ. එහෙනම් මේ එන ආලෝක තරංගත් එන්න ඕන එකට කුට්ටියක් වගේ හරියට පැකට් විදිහට. ඒකියන්නෙ අංශුවක් වගේ.
මේවට Einstein මහත්තය කිවුව ෆෝටෝන කියල. ඒ කියන්නෙ ශක්ති පැකට්. මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න ඔන කරන අවම සංඛයාතයක් තියෙනව. ඒකට කියන්නෙ දේහලීය සංඛයාතය කියල.









එතකොට මේ ශක්ති පැකට් එකක මුලු ශක්තිය අපි hf වලින් තමා ගන්නෙ . මෙකෙ h කියන්නෙ ප්ලාංක් නියතය f  කියන්නෙ තරංගයේ සංඛ්‍යාතය  එතකොට මේකෙන් කොටසක් ඉලෙක්ට්‍රොනය ගැලවෙන්න යනව ඒකට කියන්නෙ කාර්‍යය ශ්‍රිතය කියල  ඉතුරුටික ගැලවුන ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය බවට පත්වෙනව. ඒකෙන් අපිට මෙන්න මේවගෙ සමීකරනයක් ලබාගන්න පුලුවන් . ඒකියන්නෙ ලැබෙන මුලු ශක්තියෙන් ඉලෙක්ට්‍රෝනය ගලවන්න යන ශක්තිය අඩුකරාම ලබෙන පදේට තමයි අපි චාලක ශක්තිය කිවුවෙ. මේකෙන් එන ප්‍රස්තාරය තමා මේ.
දැන් අපි දන්නවනෙ ආලෝකයට අංශුමය හා තරංගමය කියන ගුණ දෙකම තියනවා කියල. අපිට මේ දෙකම එකපාර බලන්න බැහැ.

මට කියන්නඕනවුනේ මේඔක්කොමත් එක්ක ඔයාලව පුදුම කරවන දෙයක් ඒතමයි මෑතකදි විද්‍යාඥයන් මේදෙකේම එකම අවස්තාවෙ චායරූපයක් අරගෙන තියනව.. මම මේ පහලින් දල තියෙන්නෙ ඒ චායරූපය තමයි..

No comments:

Post a Comment